වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටීම නොහොත් හිස පාත් කල විට ඔලුවට අත සේදීම..

 

“ලොකය ගෝලාකාරය මිනිසුන් විවිධාකාරය” යන්න නෙක දනන්ගෙ මුඅග රැඳෙනා ප්‍රකට වදන් පෙලකි.. එයින් කියවෙන්නා සේම නොයෙක් අකාරයේ පුද්ගලයන් අපට නොයෙකුත් අවස්ථාවලදී හමුවේ..

එසේ සමුවන්නො සියල්ලන්ම අප නැයෝ නොවෙති, නොනෑයොද නොවෙති, මිතුරෝ නොවෙති නමුදු නොමිතුරොද නොවෙති.කෙනෙකුගේ මිත්‍රත්වය වනාහී පුරොකථනය කල හැක්කක් නම් මිතුරන් යැයි සිතා සිටින්නන් එසෙ සැලකුම් ලබන්නන්ගෙ  බහුතරයක්  නිකන්ම නිකමුන් වනුඇත..

යමෙක් මිතුරෙකු ලෙස සැලකුම් ලබන්නෙ අනෙකා තුල තෙමේ වෙත ඇතු සැලකිල්ල නිසවෙනි.. උදව් කරන්නෙ මිත්‍රත්වය නිසාවෙනි.. ලග වැටී සිටින්නේ යන්න තැනක් නැති නිසාවෙන් නොව මිතු දම නිසවෙනි.. බුද්ධිහීනයන් එය පසක් කරගනිද්දී අශ්වයන් පලාගොස් හමාරය.. තව දුරටත් ඉස්තාලය වැසීමට තැත් කිරීම නිශ්පල ව්‍යයමයක් වනු ඇත..

                                                      Image

 

Advertisements

හිනා වෙන්නෙ හිනා නොවී බැරි කමට…..

හැමදාම වගේ අදත් හිනා උනේ හිනා වෙන්න ඕන නිසාම නෙමෙයි වෙනද හිනාව අද නැත්තෙ තරහටද කියල හිතයි කියල. හැම දේම කාලයත් එක්ක වෙනස් වෙනව කිව්වට හිනා වෙවි කොච්චර කල් බලන් හිටියත් සමහර දේවල් වෙනස් වෙන්න නැ. එහෙම දේවල් වෙනස් වෙවි කියල බලන් ඉන්න එක නැවක් එනකන් ගුවන් තොටුපලකට වෙලා බලා ඉන්නව වගේ දෙයක්.. එහෙම බලන් ඉදලා අනිත් අයගෙත් හිත රිද්දලා තමන්ගෙත් හිත රිද්ද ගන්නවට වඩා හොඳයි ඒ දෙවල් අතඇරල හිත හදා ගන්න එක..

ඔහොම කිව්වට  කියන තරම් කරන එක ලෙසි නෑ.. තව දවසක් දෙකක් හිනා වෙලාම බලනවා.

අනේ මන්දා ඕකට කියන්නෙ මෝඩ කමද එහෙම නැත්නම් ඉවසීමද කියලා.. ඔය දෙකෙන් මොකක් උනත් අන්තිමට වෙන්නෙ විඳවන්න වෙන එක විතරයි.. යන්න යනදේ කොහොම හිතුවත් නවත්තන්න බැරිනිසා.. එහෙම දැන දැනත් ඒ පස්සෙ ම එලවන්නෙ මෝඩ කමටද මන්දා.
සමහර විට ඒ තියෙන දෙයකට වඩා නැති දේක වටිනාකම දැනෙන නිසා වෙන්නැති.

බිඳුන රළ

සයුරු රළ පෙල වැදී සිඳුනා
සුමුදු සුසිනිඳු වෙරළ තීරේ
සිසිල දැනුනා සොමින් පුරවා
රළ නගන ඒ මන්ද මාරුතයේ

සිතුම් මත් කල එවන් රළපෙල
බිඳී ඇත පෙන බිඳු විසුරමින්
මන්ද මාරුත චන්ඩ වී ඇත සතුරු කම් කරමින්
යලිත් එනතුරු සිටින්නම් ඈත ක්ෂිතිජය බලා

 

Image

කලුවළා……..

මලානික තරු එලිය වියකා
නැගි එයි සඳ ඈත අහසේ
සිනා නගමින්
සිත් පියුම් පිපෙමින්

නැගී එන සඳ
සිත් අහස් මඬලට
වසාලයි ඒ කලුවළා
දසුන් බොඳවී යමින්

images

පවුරු දොර

වැසී ඇති පවුරින්
පෙනෙන නොපෙනෙන දුරින් හිඳ
ඉපිද මැරෙනා සිතුම් යලි යලිත්
නොයයි ඔබ්බට දොරකඩින්

පවුරු දොර පියමැන පැමිණිමුත්
දකින දෙනුවන නොදුටු අයුරින්
පිය මනියි ඉවතට
පවුරු මවමින් තව තවත්

දේදුන්න

සිහින් වැසිපොද

ගත නිවන මද අව්ව

බලා සිටියෙමි

දකිනු රිසියෙන් දේදුන්න

 

කලෙක මහ අනෝරා මය

පසුව රළු නියං සමයය

විදිනු රිසි සිහින බිඳිමින්

විඳවමි

අපි අපිමය

දිනෙන් දින කාලෙන් කාලෙට එක එක විදිහෙ මිනිස්සු අපට හමුවෙති. ඔව්න් එක එක කාලෙට එක එක දේවල් කියති.. මිනිසුන්ගේ හැටි ඔහොමය කාලෙන් කාලෙට කියන්නෙ එක එක දේවල්ය.. ඒ දෙවල් තදින් වැලඳගත්තොත් අපි අමාරුවේය.. නමුත් කවුරු මොනව වෙලවේ ඇත්ත කියනවදැයි තෙරුම් ගැනීම ලේසි පහසු නැත..

කලකදී ලගින් උන්න උන් ඒ කාලයෙ කියූ කතා වෙනුවට දැන් වෙන වෙන දේ කරති. තවත් සමහරු අඟේ ඉදන් කන කති..  කියන්නෙ එකකි කරන්නෙ තවකකි ඒ මදිවට ඔවුන් කලා කියන්නෙ වෙනත්ම දෙයකි.

ඊට පස්සෙ ඒ හැමටම වරද පටවන්නෙ අපටය..  ඒ උන්ගේ හැටිය. තමන්ගෙ වාසියට වැඩ කරන හැටිය .. අපේ ඇති වරද වන්නෙ අපිත් අපෙ වාසියට අනුන් ගැන නොසිතා වැඩකිරීමට පුරුද්දක් නැති කමය.. එසේ උවා නම් මෙ සමාජයේ මීට වඩා පහසුවෙන් ජීවත් විය හැකිව තිබුනි.. නමුත් අපේ වැඩිහිටියන්ට පින් සිද්දවෙන්න අපිව හද වඩා ඇත්තෙ එවන් නරුමයින් ලෙස නොවේ.. සත්තකින්ම අපට “අපි අපිම වීම” ගැන සතුටුවිය හැකිය……

බුලත් කන්නෝ විට හපති.. සාරය උරාගෙන හපය විසි කරති.. හපයෙනුත් ප්‍රයොජන ඇති බව හැඟුන කල එය අහුලගෙන ප්‍රයෝජනයට ගෙන නැවත විසි කර දමති..