අපි අපිමය

දිනෙන් දින කාලෙන් කාලෙට එක එක විදිහෙ මිනිස්සු අපට හමුවෙති. ඔව්න් එක එක කාලෙට එක එක දේවල් කියති.. මිනිසුන්ගේ හැටි ඔහොමය කාලෙන් කාලෙට කියන්නෙ එක එක දේවල්ය.. ඒ දෙවල් තදින් වැලඳගත්තොත් අපි අමාරුවේය.. නමුත් කවුරු මොනව වෙලවේ ඇත්ත කියනවදැයි තෙරුම් ගැනීම ලේසි පහසු නැත..

කලකදී ලගින් උන්න උන් ඒ කාලයෙ කියූ කතා වෙනුවට දැන් වෙන වෙන දේ කරති. තවත් සමහරු අඟේ ඉදන් කන කති..  කියන්නෙ එකකි කරන්නෙ තවකකි ඒ මදිවට ඔවුන් කලා කියන්නෙ වෙනත්ම දෙයකි.

ඊට පස්සෙ ඒ හැමටම වරද පටවන්නෙ අපටය..  ඒ උන්ගේ හැටිය. තමන්ගෙ වාසියට වැඩ කරන හැටිය .. අපේ ඇති වරද වන්නෙ අපිත් අපෙ වාසියට අනුන් ගැන නොසිතා වැඩකිරීමට පුරුද්දක් නැති කමය.. එසේ උවා නම් මෙ සමාජයේ මීට වඩා පහසුවෙන් ජීවත් විය හැකිව තිබුනි.. නමුත් අපේ වැඩිහිටියන්ට පින් සිද්දවෙන්න අපිව හද වඩා ඇත්තෙ එවන් නරුමයින් ලෙස නොවේ.. සත්තකින්ම අපට “අපි අපිම වීම” ගැන සතුටුවිය හැකිය……

බුලත් කන්නෝ විට හපති.. සාරය උරාගෙන හපය විසි කරති.. හපයෙනුත් ප්‍රයොජන ඇති බව හැඟුන කල එය අහුලගෙන ප්‍රයෝජනයට ගෙන නැවත විසි කර දමති..

නැගෙයි නව හිරු

සීත අමාවක අහසේ අඳුරද
නැගෙන සඳුගෙන් යයි මැකී
වහින මල් වැස්සෙ සිසිලෙන්
නැසේ ගිනියම ඉර මැවූ

මැකුන රූ සිත්තම වසා
ඇඳෙයි නව සිතුවම් හදේ
අඳුරු හැඟුමන් සිතෙන් පලවා
නැගෙයි නව හිරු ජීවිතේ

 

මිනිස්සු

අපේ ඔ‍ෆිසියේ ඉන්නවා සිරා පොරක්. සිරා කිව්වට මොකද ඌ සිරා නෑ.  හරිම බරපතල ඩයල් එකක්..  ඇවිදින්නෙත් හරිම කල්පනාවෙන් .  අඩියක් තියල අනිත් අඩිය තියන්න කලින් ගොඩාක් හිතනව මොකද දන්නවද, ඌ හිතන් ඉන්නෙ ඔ‍ෆිසියෙ අත්තිවරමේ කොටසක් තියෙන්නෙ උගේ කරේ කියලා..  හෙලවුනොත් එහෙම ඔ‍ෆිසියම ඉවරයිනේ.
පොර ඉතින් ලයින් එකක් දෙන්න පුලුවන් ඔනෑම අවස්තවක් උපරිමයෙන්ම ප්‍රයොජනයට ගන්න බුවෙක්..

එකටම හරියන්න අපි.. අපිත් ඉතින් ඇදුම වාහනය වගේ දේවල් ගැන හිතන්නෙ නෑනෙ..  හදිසියෙම මොන මගුලක් වෙල හරි මොකක් හරි ජල්බරියක් වෙලා කිව්වම අපිත් එනවනෙ ඔය අහුවෙන ඇදුමක් ඇදගෙන රබර් කට්ටකුත් දාගෙන..  ඉතින් අපිව ඔහොම දකිද්දි පොරට නිකමට වත් හිතෙන්නෙ නෑ අඩුම ගානේ අපේ ගෙදර පාගල යන බයිසිකලයක් වත් තියෙනව කියලා.

බුවා වැඩ කරන්නෙ අපේ දෙපාර්තමේන්තුවෙවත් නෙමෙයි.  එහෙව් එකෙ මෙ යකා මට දෙනවනෙ එක එක ලයින්.. මචන් ගනින්කො බන් සපත්තු දෙකක්,  බලපන් උබෙ ඇදුම චාටර්නෙ..  ඔන්න ඔහොම එව්ව කියනවා.. ඒ දේවල් බුවා කියන්නෙ මම කියනව වගේ හොන්ද විදිහට නෙමෙයි.. මනුස්සයෙක් ව අසරන වෙලා තැලිල පොඩිවෙන විදිහට.. කොහොමෙන් කොහොම හරි අපිත් ඉතින් ඔයිල් පෲෆ් නෙ.. ඉතින් කොහෙවත් ඉන්න උන් කියන එක එක එවා සත පහකට ගනන් ගන්නෙ නෑ.
වෙන දෙපාර්තමෙන්තුවක ඉන්න මට මෙහෙම කරන එකාගෙන් උගේ යටතෙම ඉන්න ලමයි ගැන අයෙත් අහන්න දෙයක් නැනේ.. උන් ගැන හිතුනාම නම් හොදටම දුක හිතෙනවා.ලස්සනම වැඩේ කියන්නෙ දවසක් අපේ බාප්ප ආවා මගෙ ඔ‍ෆිසියට මාව එක්කන් යන්න වහනෙකින්. ඊට පස්සෙ සතියෙ තාත්ත අවා ඒත් වහනෙකින්..  ඒ සතියෙම අන්තිම දවසෙ අනිත් බාප්ප ආව මාව එක්කන් යන්න එදත් වහනෙකින්..ඔය දවස් තුනෙදිම කලින් කියපු එකා මම වාහනයට නගිනව දැක්කා..  පොරට දැන හෙනම අව්ල්..  

ඉතින්ම් මෙ කියන තුන් වෙනි දවසෙ මම වාහනයට නැග්ග විතරයි වෙනදට ලොකු ලයින් එකක් දීගෙන යන මනුස්සය ලගට ඇවිල්ල “ගෙදර යනවද මචන් ” කියල අහනවා.. ඇය් බන් කවදාවත් නැතුව උබට අද මගෙන් ඔහොම අහන්නෙ කියල අහන්න හිතුනත් මම එහෙම අහන්නෙ නැතුව හිනා වෙලා නිකන් හිටියා………

අපරාදෙ කියන්න බෑ ඊට පස්සෙ ඉදන බුවා මාත් එක්ක හොදට කතා කරනවා..

බලමුකො එකෙත් හැටි.. මේ යක්කු කතා කරන්නෙ, සලකන්නෙ ඇදුමට,වාහනයට මිසක්  මනුස්සකමට නෙමෙයි.