පසු වදන් කුමටද..

අමාවකට පසු යලිත්
සඳක් පායයි නම්

තුරු ලතාවන් වසන්තයේ දී
යලිඳු පුබුදී නම්

නිමා වූ පසු ඉඩෝරය
මල් වැසි වැටේනම්

එපා මට පසුවදන්
යලි යලිත් නුඹගෙන්

Image

පාර දිගේ……..

කාලෙන් කාලෙට එකක එක දේවල සිතට නැගෙනවා.. දුක සතුට අලුත් සැලසුම් අලුත් බලාපොරොත්තු.. මේ වගෙ එක එක දේවල්..  ඒත් ඒ හැමදෙයක් ම හැමදාම පවතින්නෙ නැ. අනිත් හැමදෙම වගේ සිතුවිලිත් විටින් විට වෙනස් වෙනවා..

සමහර දේවල් හිතේ මතුවෙනවා විතරයි එහෙමම නැතිවෙලා යනවා, තවත් සමහර දෙවල් ටික දවසකින් එපා වෙලා යනවා. තවත් සමහර දෙවල් කරගන්න බැරි කමට අත ඇරල දානවා..  එක තමයි ස්භාවය..
කොහොම හිතුනත් මොනව කිව්වත් හිත හොන්දින් යමක් කරන්න පුලුවන් නම් එක හැමදාටම අපෙ හිත සතු‍ටු කරනවා..

මොන දේ කලත් හොඳ අදහසකින් කලත්  අපි ගොඩක් වෙලාවට පුරුදු වෙල ඉන්නේ අනිත් අයගේ ප්‍රතිචරය දිහා බලලා සතු‍ටු වෙන්න එහෙම නත්නම් දුක් වෙන්න..
සමහර වෙලවට අපෙන් උදව්වක් ලබපු කෙනක් අපිත් එක්ක හිනා වෙලා යද්දි හිතට ලොකූ සතුටක් දැනෙනවා.. එහෙම කෙනක් සමහර වෙලාවට මුනවත් නොබල ගනන් ගන්නෙ නැතුව ගියම හරියට දුක් වෙනවා..  එකත් හැටි තමයි.
ඒ අයගෙ කෙරුවාවල් කොහොම උනත් තමන්ට තමන් කරපු කියපු දේවල් ගැන සතු‍ටු වෙන්න පුලුවන්.. අන්න ඒ විදිහට හිතන්න පුලුවන් නම් හැමදාම සතුටින් ඉන්න පුලුවන්..  අමාරුවෙන් උනත් එහෙම හිතන්න පුරුදු වෙන එක තමය් හොඳම දේ.
මොකද කිව්වොත් අනිත් අයගෙ නරක දෙවල් නරක ගතිගුණ නිසා හිතේ සතුට නැති කරගන්නව කියන එක තරම් මෝඩකමක් තවත් නැති නිසා.

හෑමදාමත් කරන්න ඔනා හදවත් කියනදේ , ඒ දේ තමයි අපව සතුටින් තියන්නේ, ඒත් මතක තියගන්න වැදගත්ම දේ “යන්න හදවත කියන පාර දිගේ…….. හැබැයි මොලයත් එක්කම……..”

‍රැව්ලයි : බන්ඩයි

එදා මොන්ටිසෝරි යන කාලෙ ඉදන් හිටපු යලුවා තමයි බොඩින් වෙල ඉන්නකොටත් රූමා උනෙ.. එත් කොහොම හරි ඒ බොඩිමෙනුත් අයින් වෙලා වෙන බොඩිමකට ගියා..  නියම බෝඩිම..  ඔහොම ටික දවසක යද්දි කැම්පස් එකෙ හිටපු එකෙකුත් සෙට් උන.. ඌ තමයි “‍රැව්ලා”…

ඔහොම මමයි ‍රැව්ලයි මොන්ටිසෝරි යලුවයි ටික කාලයක් යහතින් බොඩිමෙ හිටියා.
ඔය අතරෙදි මොර‍ටුව කැම්පස් එකත් වහල දැම්මනේ.. එහෙ ඉන්න උන් එක්ක ඉදපු එකෙක් තමයි “බන්ඩා” කියන්නේ..  ඌ මගෙ මොන්ටිසෝරි යලුවගෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදපු හොඳ ගජයෙක්.. කොහොමින් කොහොම හරි ඒ යෝදයත් කඩාපාත් උනා අපේ බොඩිමට..  දැන් බෝඩිමේ මමයි මගෙ පරණම යාලුවයි ‍රැව්ලයි බන්ඩයි.. ඔක්කෝම හතර දෙනයි.. කියල වැඩක් නැ ,ආතල් ලෝකයක්….

අපේ ‍රැව්ලත් ටිකක් වයර් ශොර්ට් වෙච්ච ඩයල් එකක්.. බන්ඩට නම් එච්චර නෑ.  මට වඩා නම් හොඳයි.

මේ කියන්න උන සෙල්ලම උනේ සෙනසුරාද දවසක.. කරුමේ කියන්නෙ එදාම මට ඔෆීසියට යන්න උනානේ.. ඉතින් මෙකේ හොඳම හරිය මේ ඇස් දෙකෙන් බලා ගන්න බැරි උනා..

ඔන්න ඉතින් මම උදෙන්ම ඇහරලා යන්තම් මූනත් හොදගෙන දත් මදින එකත් අමතක කරගෙන හිතෙන් බැන බැන ඔෆීසියට යන්න ගියාලු..

කොහොමින් කොහොම හරි බන්ඩත් නැගිටලා කෝරන්න තියෙන වැඩ කටයුතු ටික ඉවර කරල ‍රැව්ලවත් ඇහැරවගත්තලු..

දැන මේ ඩබල උදේට කන්න යන්නලු ලැස්තිය.. හරි මචන් අපි යමු කියගෙන බන්ඩත් බැස්සලු කාමරෙන් එලියට. ‍රැව්ලත් ඌ හිටපු කාමරේ දොර වහගෙනම එලියට ආවලු.. කවදවත් යතුර ගැන අහන්නෙ නැති ‍රැව්ලා බන්ඩගෙන් ඇහුවලු”කෝ මචන් යතුර ”  කියලා.  එක උබේ කමරෙ දොරේ නෙ කියගෙන බන්ඩා දොර වහලා..  වැඩේ කියන්නෙ දොර්වල් දෙකේම තියෙන්නෙ යතුර නැතුව උනත් පිටින් වහන්න පුලුවන් බර්ඩ් ලොක්..

දැන බලද්දි ‍රැව්ලගෙ දොරෙ යතුර නෑලු..ඒගමන බන්ඩ කියනවලු යතුර කාමරේ මේසෙ උඩ කියලා.  මොනව කොරන්නද ඉතින් .. දෙන්නත් එක්ක තීරනය කලාලු කලින් වතාවක මම වීසින් කඩන ලද ජනෙලයම ඇරලා කාමරයට පනින්න.. ඔය කියන ලද ජනෙලය මම කලින් බිඳල කම්බියකින් හොඳට බැඳල තිබුනෙ..  ‍රැව්ල ට්‍රය් කලා හරිගියෙ නෑ.. ඒ ගමන වැඩේ බාරගත්ත බන්ඩා  හොඳට තිබුන අනිත් වීදුරුව බිඳලා ජනෙලය ඇරගත්තලු.. මිශන් ඉම්පොසිබල් සින්හල වර්ෂන් එක කියලා ‍රැව්ල පන්නලු ජනේලෙන් කාමරේට..  ගිහින් දොර ඇරල බන්ඩව ගත්තලු කාමරෙට.   ‍රැව්ල බන්ඩගෙන් අහනව මෙසෙ පෙන්නලා “කෝ යකෝ යතුර ??” කියල.. ටික වෙලවක් ඔලුව කහ කහ ඉදපු බන්ඩා කියනවලු “ඒක මගෙ සාක්කුවේ මචන් ” කියලා…….  🙂

 

කාලය ගලා යයි

කාලයත් සමගම ජීවිතයද කෙමෙන් කෙමන් ඉදිරියට ගල යයි.. විටෙන විට නානා විධ පුද්ගලයින් අපෙ ජීවිතයට එති; යති.

සමහරෙක් ආ පයින්ම හැරී යති, පිය සටහනක් වත් නොතබා යති. සමහරෙක් පැමිණ ජීවිතය පුරා සැරිසරා පිය සටහන් නොතබාම සුලග සේ ඉවත යති. තවත් සමහරෙක් එලිපත්තට පමනක් පැමින නොමැකිය හැකි සේ පිය සටහන් තබා යති.
ජීවිතය එහෙමය. කලින් කිසිවක් කිව නොහැකිය.

ජීවිතයෙ එක් එක් කාලවලදී එක එක ආකරයෙ දේවල් කරන්නෙමු. සමහර විටදී සමහර පුද්ගලයන් අපව රවටා ඇත. තවත් සමහර විටදී අසීමිතව අපෙන් ප්‍රයෝජන ගෙන ඇත. එය වඩාත්ම හොඳම දේ වන්නෙ අපි දැන දැන රැවටී තිබීමය. ඒ ගැන දුක් වී පලක් නැත, අන් අයගෙ වැරදි නිසා සිත කලබල කරගැනීම මෝඩ වැඩකි. අප රැවටූ පුද්ගලයගෙ ජීවන තත්තවය අප කල කී දැ නිසා ඉහල වී ඇතයි අපට සතුටු විය හැක. තවකෙක් නොරැවටූ බව තවකෙකුගෙ හැඟීම සමග සෙල්ලම් නොකල බැවින් අවංකවම සතුටු විය හැක.

ජීවිතය එසේය.සැලසුම් කලහැක. නමුත් මෙසේ වේ යැය් කලින් කිව නොහැක.
කල හොඳ පමනක් ඉතිරිය…………….

අපරාජිත ප්‍රේමය………

ඔහු මෙය කවදා හෝ මෙසේ වන බව නොදැන සිටියා නොවේ… ඇය දුටු පලමු දිනයෙම තම
හදවත ඇදීගියෙ ඔහුටවත් නොදැනීමයි.. නමුත් සිදුවිය හැක්ක සහ නොහැක්ක වටහ
ගත් ඔහු සිය ප්රෙමය තමන්ට පමනක් සීමා කර ගත්තා. නමුත් කාලය කියන්නෙ හරිම
අමුතු දෙයක් . කරගන්න බැරි ගොඩාක් දේවල් කාලය සිදුකරනවා.. ඔහොම
ටිකෙන් ටික කාලය ගතවෙද්දි දෙදෙනා එකිනෙකාට සමීප උනේ කාටවත් නොදැනීමයි..
මෙහෙම කාලය ගත වෙද්දි එකෙකුගෙ හද ගැස්ම අනෙකාට
දැනෙන්න පටන් ගත්තා..

දවසක දෙන්න කතා කර කර ඉන්න වෙලවක ඇය ඔහුගෙන අහනව “ඔයා එහෙම කරන්නෙ මට අදරේ
නිසාද?” කියල.. තවත් හදවත කියන දේ හන්ගන් ඉන්න බැරිනිසා ඔහු කියනවා “මම
ඔයාට ආදරෙයි”…. එත් නොකෙරෙන දෙයකට ඇයතුල බල පොරොත්තු ඇති කර ඇය සිත
බිඳෙයි යන සිතුවිල්ල නිස තමා දුන් අවංක උත්තරය ගැන ඔහු සැහෙන දුක්
වෙනවා…ඒත් ආදරය එහෙමමයි..

ඇයත් සමග කතා කරමින් ඇවිදිනකොට හෙමින් සැරෙ ඇගෙ අතින් අල්ලා ගන්න ඔහුට
නොහිතුනා නොවෙයි.. බස් එකෙ ඇවිත් හොල්ට් එකෙ බහින කොට අතින් අල්ලාගෙන
පරිස්සමට බස් එකෙන් බහින්න නොතිතුන නෙමෙයි..ඒත් එකෙන් ඇයට රිදෙවි,, අනිත්
අය ඇය දිහ වැරදියට බලාවි කියන බය ඔහුගෙ සිතේ තිබුනා.. බැරිම තැන ඇය ඔහුගෙ
අතින් අල්ලා ගත්තා. ඇය අත අල්ලා නොගත්ත නම් ඔහු තවමත් ඒ ගන සිතමින්
ඉදිවි….. හ්ම්ම්ම් ඒත් ඔහුගෙ හිනාවට , නිහඩ බවට පස්සෙ කාලෙක ඇය වෛර කරාවි
යන සිතුවිල්ල කවදත් ඔහුගෙ සිතෙ තිබුනා

ඔන්න ඔහොම කාලය ගත වෙනවා ,, මහා ලොකු කාලයක් නෙමෙයි, දින කීපයක්… ඇය ඔහුට
කියනවා “අපි මෙක නවත්තමු මේක කෙරෙන වැඩක් නෙමෙයි වගෙ” කියල… හැමදාමත් කල
වගෙ ඔහු ඇය සමග එක්ඟ වෙනවා.. ඒත් ඔහුට
හිතෙන්නෙ ඇය මෙ නිසා වැටේවිද කියලා… කලින් වගෙ නිතරම කතා කරන්නෙ , පනිවුඩ
එවන්නෙ නැ කියල පොරොන්දු උනත් නුහුරු නුපුරුදු අඟිලි තුඩු දුරකතන යතුරු
පුවරුව සොයා යන්නෙ ඉබේටමයි.. නමුත් ලියු දෙය යලිත් මැකෙන්නෙ ඇය එපා කිව්
බව මතක් වන නිසායි.
අන් අය දකීවි යන බිය නිස දුරකතන මතකයෙ නැති ඇගෙ අංකය දුරකතනයෙ ලිය වෙන්නේ
පුරුද්දට වගේ.. ඒත් ඇමතුම ගන්නෙ නැතුව අත ඇරල දන්නෙ ඇය කියපු දේ මතක් වෙන
නිසා… ඒත් ඔහුගෙ දුරකතනය තවත් මේසය අයිනෙ ..ඇගෙන් කුමක් හෝ පනිවිඩයක් බල
පොරොත්තුවෙන්.

ඇයගෙ ඇසුරෙන් වෙනත් ලොවක සිටි ඔහු අයෙත් සැබෑ ලොකයට ඇවිල්ලා.. පරන පුරුදු
තැනටම ඇවිල්ලා.. සුපුරුදු විදිහටම ඔහු තවමත් ඇයට ආදරෙයි, ඇගෙ කඳුලට
බයයි..හැබයි ඒ ආදරය හදවතින්ම කරන ආදරයක් මිසක් අයෙත් යමක් ඇගෙනුත් ආදරයක්
බලා පොරොත්තුවෙන් කරන ආදරයක් නෙමෙයි.. හරියට ඔහු ඇයව මුල්ම දවසෙ දැක්කම
ඇති උන ආදරය වැනි ආදරයක්… ඇයට කවදාවත් ඒ ආදරය තෙරුම් ගන්න බැරිවෙවි…

ඇය ඇයගෙ ලොකයෙ ඉගිලිලා ගිහින් …. ඔහුගෙ ලොකයෙන් ඉගිලිලා ගිහින් ,, ඒත් ඒ
අමුත් ආදරය තවමත් ඔහුගෙ හදවතෙ ජීවත් වෙනවා………….
ඇයට ඇගෙ ලෝකයෙ නිදහසේ සැරිසරන්න .. සතුටින් සැරිසරනව නම් එච්චරයි..

ඔහු ඇය ක්ශිතිජය ඈතට පියබා යන හැටි බොඳ උන දෑසින් බලා ඉන්නෙ
ඔහුගෙම ආකරයේ ආදරයෙන් හද පුරවගෙන…………

සසල නිසසල

නිසල අහසක් සේ සිතූ මුත්
සියොලගම සසලයි නාමෙන් ඔබේ
සිනා සෙන මුත් දෙනුවන් අයා
ඉකි බිදී සැඟවී හද මගේ

සුවඳ පමනකි මතකෙ රැන්ඳූ
කිති කවයි හැඟුමන් මගේ
සුසුම පමනකි හිතේ සැගවූ
කුසුම නටුවෙන් ගිලිහී ඇතේ