කුලියාපිටියට ගමනක්…

කොහොමින් කොහොම හරි කම්පස් ඇවිල්ලා 3න් වසරක් ගෙවිලත් ඉවර වෙලා.. මේ අන්තිම කාලෙ උන දෙයක් තමය් කුලියපිටියෙ යැම කියන්නේ..

මම කොලඹ ඇවිල්ල බොඩිමක නැවතුනා.. මගෙත් එක්ක නවතින්න හිටපු එකාට බොට්ටුවක් ඇවිල්ලා ඌ යන්න ගියා..ඉතින් මොනව කරන්නද කියල හිත හදාගෙන් තනියෙම එතන නැවතුනා…

එහෙම කැම්පස් එකෙ එක වසර ඉවර කරගත්තා.. මෙන්න බොලෙ පහල බැච් එකට මගෙ මොන්ටිසොරි කලෙ පටන් ඉන්න අතිජාත මිත්තරය්න් ගෙන් 1ක් අවිල්ල.. ඌත් නැවතුනෙ මගෙත් එක්ක මගෙ බොඩිමේ……… ඔන්න ඔහොමයි ඔය කතව පටන් ගන්නෙ..

මේකා ඇවිල්ල වැඩිකාලයක් ගියෙ නෑ සුනිල එදිරිසින්හ මහත්තයයි එඩ්වඩ් ජයකොඩි මහත්තයයි කියන “පලන්චියේ ලී ඉරුවේ අපි එකට” සිද්දියක් උනානෙ.ඉතින් ඌ උගෙ පලන්චියෙ යලුවා එක්ක ඉන්න වෙලාවට අපි කියනව ඔය සින්දුව ..

ඊට පස්සෙ ටික කාලයක් යනකොට අපිට මීටර් උනා අපෙ එකාගෙ වට්ටොරුව. “සෙමෙස්ටර් එකකට 2 බැගින් කම්පස් එකේ සිටින තුරාවට”…. ඔය අස්සෙම තවත් කතවක් පැතිරුනා මේක ට්‍රය් කලොත් වෙන් එකෙක්ට අනිවා හරියනව කියලත්.. අනෙ මන්ද එකත් ටිකක් ඇත්ත වගේ. 🙂 🙂

මේ විස්තර වල හැටියට මෙකගෙ හිතගිය ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මූ එතකොට 2 වසර ඉවරෞන විතරයි .ඒ කියන්නෙ සෙමෙස්ටර 2*2 =4 .. එතකොට 4*2 ඒ කියන්නෙ 8 වෙනි ට්‍රයි එකද මන්දා .. කීවෙනි එක උනම මොකද මමත් හොද ට්‍රිප් එකක් ගියානේ.

එදා හරිම නිදිමත සෙනසුරාදාවක්.. උදේ ඇහැරුනාට පන්ති යන්න බැ බැ වගේ.. පන්ති විතරක් නෙමෙයි කන්න යන්නත් කම්මැලි දවසක් . අපරාදෙ කියන්න බැ මගෙ උදේ කෑම වෙලත් වරදුනා එදා.. එක පාරක් කෑම වේලක් මිස් උනොත් එක අයෙත් ජීවිතෙටම අල්ලන්න වෙන්නෙ නැනෙ ඉතින්.. හ්ම්ම්