මගේ දෑසින් ලෝකය දකිමි…………

ඉස්සර මම පොඩි කාලෙ අපෙ ගෙදර මට අපේ ගෙදර හරිම ලොකුවට පෙනුනෙ.. මට මගේම කියල කාමරයක් නොතිබුනාට තාත්තගෙ කමරේ මගේ මෙසය තිබුන ටික ඉහටත් උඩින්. ඒත් දැන් කාමරය පුන්චි වැඩියි වගේ….

මට මතකයි මාව මොන්ටිසෝරියට එක්කන් ගිය පලවෙනි දවස… එදා එතන හිටපු හැම පොඩි එකාම අඩනව.. මගෙත් ඉතින් වෙනසක් කියල නැ, මමත් එහෙමම තමයි..

ඔහොම කාලය ගෙවිල ගිහිල්ල ඉස්කොලෙටත් මාව භාර දුන්නා… ඒකාලෙ නම් හරිම සුන්දරයි.. හරි හරි දේවල වෙලත් තියෙනවා..

ඔන්න දවසක් අපෙ ගුරුතුමී කියනව “වියත” පොතේ ලකුනු කරගෙන එන්න.. ඉක්මනින් කරන අයට තරුවක් දෙනව කියල. ඒකලෙ තරුවක් කිව්වාම අපිට ඊට වඩා දෙයක් නැනෙ.. මමත් ඉතින් ඉක්මනටම වැඩේ කරගෙන ගිහින් පොත පෙන්නුවාලු.. එතකොට ගුරුතුමී පොත බලල කිව්වලු ” පුතා මෙතනින් වියත කියල ලියාගෙන ඉන්න මම තරුවක් දෙන්නම්” කියල. ඒ වෙලාව් මම එක ගානකට වත් ගන්නෙ නැතුව “මිස් ම ලියල තරුවක් දෙන්න” කියල කිව්වලු.. ඔය කතාව පස්සෙ කලෙක මගේ ගුරුතුමී කියද්දි නම් මාව රතු වෙනව ලැජ්ජාවට..

ඔහොම හෙමෙන් සැරේ කාලය ගෙවිලා ගිහින් 5 වසරෙ ශිෂ්යත්වය කර කාලෙත් ලං උනා.. “ඔන්න පුතේ විභාගය” හැමොම කියන්න පටන්ගත්තා.. මේක කරගත්තාම හරියි කියල තමයි හැමෝම කිව්වේ.. කොහොම හරි කොලුව විභාග ශාලවට ගියා විභගෙ ලියන්න.. මෙන්න බොලෙ මෙකෙ ලියන්න අංකයක් තියෙනව.. අනේ ඉතින් ඒ වෙලවෙ මට මතක් උනෙ අපෙ කඩේ තියෙන ටෙලිෆොන් එක.. මට දැන් ඔන උනේ ඔය අංකය එකෙ ගහල මොකද වෙන්නෙ බලන්න.. කොහෙද ඉතින් ඊට කලින් විභාගෙ ඉවර කරන්න ඕනනෙ.. මෙන්න තියෙනව මීයෙක් මොකක්ද අටමගලකින් රින්ගල යන ගානක්… කොහොමින් කොහොම හරි එකත් කලා කියමුකො. විභාගෙ ඉවර වෙල තාත්ත ගෙනත් දීපු එලවලු රොටියත් කාල කඩෙට ගිහින් බැලුව අංකෙ වැඩද කියන .. මොන..ඒක වැඩ නෑලු..කොහොම හරි ඒ විබාගෙත් පාස්…

ඔන්න එකෙන් පස්සේ ප්‍රථමික කාලේ ඉවරයි. දන අපි ටිකක් ලොකුයි … දැන් තමයයි පෙරලි පිට පෙරලි පටන් ගන්නේ. 5 වසරේදී හිටපු චන්ඩියන්ගේ චන්ඩිකම් වල හොඳට උත්තර හම්බවෙනවා. 5 ඉදපු චණ්ඩියෝ තමයි තමන්ගේ අම්මල 5 වසර පන්තිවල උගන්නන ළමයි .. 6 වසරට ආව විතරයි උන්ට හම්බුනා සම්බුව. ඔහොම කාලය ගත උනා දැන් මම 8 වසරේ. ඉස්සර වගේ නෙමෙයි දැන් හොඳට ගහගන්නත් පුළුවන්. එක පාරක් ගහගෙන තව කොල්ලෙක් හපා කාපු නිසා බෙහෙත් විදගන්නත් උනාලු මට.. ඔන්න දැන් ටික ටික කිට්ටු වෙනවා 10 විභාගය ….ඔය කාලේදී කොලුවා ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියකටත් යන්න ගත්තලු.. ගණන් පන්ති එහෙමත් යනවලු .. ඔය පන්ති වලත් හොඳ හොඳ දේවල් උනා කියන්නේ…

11 වසර තමයි නියම කාලේ. ඉස්සර පන්ති වල පේලි මාරුවෙන සිරිතක් තිබුන නේ. ඕක අපේ පතියේත් තිබුන.. අපිටත් තිබුන හැබැයි අපි අන්තිම පේලියට එනකන් විතරයි. අනිත් අයනම් මාරු උනා එත් අපි එදා ඉදන් හැමදාම අන්තිම පේලියේ. අපේ පන්තිය 10 – c ඕකට අපේ අංශ භාර සර් නම් කිව්වේ ” ආගාධය ” කියල . අනේ මන්ද ඇයි එහෙම කිව්වේ කියලනම් .. අපි ටිකක් ගහ ගත්තට , පන්ති කට් කලාට හොඳ ළමයි.

කොහොමින් කොහොම හරි විබගේත් ලං උනා.. හැමෝම කියනවා A 10 දාගන්න ඊට පස්සේ ඔක්කොම හරි කියල. එතකොට අපි කියන ඕක මොකක්ද 6 යි 3යි තිබුනම ඇතිනේ උ.පෙ. කරන්න කියල . එකතකොට ඒ අයගේ මුණු ඇද වෙන හැටි තාම මතකයි . කොම හරි ඒ විබාගේත් ගොඩ දාගත්ත, A 9 යි C1 යි එක්ක. ඔන්න ඕක තමයි හරහට හිටියේ නිකම්ම ඉදල A 9 ක් ආවා කිව්වම..

ඔන්න ඉතින් අනිත් එක .. අ.පො.ස. අපොයි පොත්වල සල්ලි ම තමයි. පොඩි කාලේ ඉදන් තිබුන ආසාවනේ ඉතින් ගණිත අංශය තොර ගත්ත උ.පෙ. කරන්නන… ඉස්සර සා.පෙ. තමය් විබාගේ කියපු උන් දැන් කියනවා එක මොන විබාගයක් ද, මේකනේ විබාගේ කියල.. උන් ඉතින් කට ඇරියොත් බොරුම තමයි 😦 .. කොහෙද ..තනිකරම රැවටිල්ල .. අ.පො.ස කියන එකේ තේරුම හරියට හොයා ගත්ත නිසා මම තීරණය කලා විෂයන් 3 ටම 1 පොතක් ඇති, ඉංග්‍රීසි වලට පොතක් ඕනේ නැත කියල… මොකද ඉතින් ඉංග්‍රීසි මිස් එන කොට අපි පන්තියේ නැ. වැරදිලාවත් හිටියොත් ටික වෙලාවකින් එක්කෝ අපි එළියේ නැත්නම් මිස් එළියේ .. හරිම ජොලි. ඔය විෂයන් 3 ටම ගත්ත කියපු පොතත් ඉතින් ගෙදර යන්නේ ඉදල හිටලා තමයි මොකද මම එක තැන්පත් කරලා යන්නේ පන්තියේ වහලේ නේ.. මමත් ඉස්කෝලෙන් අයින් වෙලා අවරුදු දෙකකට විතර පස්සේ අපේ මල්ලිගේ පන්තියේ එකෙක්ට ඔය පොත හම්බුනාලුනේ ශ්‍රමදානයක් කරද්දී.

අපි මොකක් හරි විබාගයක රෙඩි වෙනවා නම් එක තමයි විබාගේ අපි පාස් උන ඒවා වැඩකට ඇති ඒවා නෙමෙයි .. අනේ මන්ද. මේක කරගත්තොත් ඔක්කොම ඉවරයි ලු. කැම්පස් ගිහින් ජොලියේ එන්න පුළුවන්ලු.

ඔන්න ඔහොම ඒකත් කලා… C 3 යි . වැඩක් නැ අයෙත් කරන්නම උනා.. ඒ පාරනම් දාගත්ත A 1 යි C 2 කුයි .. ඔන්න ඔහොමයි කැම්පස් ආවේ…

ඉස්සර ස්කොලේ යනකාලේ ගහ ගත්ත උන් දැන් මගදී හම්බ උනාම කතා කරනවා හිනා වෙනවා. කොහොමද මචන් කියල අහනවා. එත් ඒ කාලේ එකට හිටපු උන් දැන් ඔරවාගෙන යනවා පාරේදී දැක්කත්.. දැන් බලද්දී ඒකාලේ තරහ වෙලා හිටපු උන් එකට හිටපු උන්ට වඩා හොඳය් වගේ.. මිනිසුන්ව අදුරගන්න ලේසියෙන් බැනේ ..

ඔන්න කොහොම හරි උ.පෙ. ත් කරගෙන අපි කැම්පස් ආවා අහල තිබුන විදිහට ජොලියෙ ඉදල උපාදිය අරගෙන යන්න. හැබැටමජොලිද?? අම්මප මේකේ ජොලියේ ඉන්න පුළුවන් කියපු එකා අහු උනා නම් අයෙත් උට බත් කන්න වෙන්නේ දත් නැතුව තමයි. අපිව හොඳටම අන්දලා.. හැමොම උ.පෙ. දි කියපු කතා නිසා ආවෙ ෆන් එකේ ඉදන් වැඩේ ගොඩ දාගන්න.. අමාරුම වැඩේ උනෙ නිකන් ඉන්න හිතන් ආපු අපට හිත හදාගෙන අයෙත් පාඩම් කරන්න පටන් ගන්න එක… විස්සවිද්ද්‍යාලෙ ආතල්ලු… ඒකෙ උන සිද්ධි ගොඩයි.. මතක් වෙන කොට හිනා වෙන්න, අඩන්න පුලුවන් .. ඒත් හැම දේම ආතල් ද?? ඔය කිව්වට කැම්පස් එත ඇවිල්ල මාරු ජොයින්ට් එක. එකෙත් තියෙනවා නොවැ එක එක සෙල්ලම්. සමහර ඒවා මතක් වෙනකොට අඩන්නද හිනා වෙන්නද කියල කියල තේරෙන්නෙත් නැ.

මේකේ ඉන්නවා එක එක ජාතියේ උන් . සමහරු ඉස්කෝලේ කාලේදී කනට ඇහෙන්න කතාකරපු උන් නෙමෙයි . තව සමහරු කියන විදිහට උන් 4 5 දෙනක් ට ගහල තියෙනවා එක ගුටියක් වත් කන්නේ නැතුව .. අනේ මන්ද..

ගෙදර හිර වෙලා ඉදල මෙහෙ ආවාම ලොකු නිදහසක් .. එක එක අය ඒක එක එක විදිහට භුක්ති වින්දා.. සමහරු හොඳට බිව්වා තව අය නොබොන අයට “මම බොන්නෙ නැ මචං” කියල බොන උන්ට පේන්න ලෙවකෑවා.. තව සමහරු මූඩියක් බීල පීප්පෙකට හරියන්න සෙල්ලම් දැම්ම .. කෙනෙක් කලුවරේ ඇපල් සොඩා බීල පහුවෙනිදට කියනව ” මචං මමත් බිව්ව බෝතලයක් විතර”… බොන උන් නොබොන උන්ට හිනා උනා.. නොබොන උන් බිපු උන්ගෙ සෙල්ලම් වලට හිනා උනා….

ඔන්න ඔහොමයි ඕව උනේ…. කවුරු කොහොම කිව්වත් වෙන්නෙ ඒක වෙන්න ඔනෙ විදිහට… ජීවිතය හරියට නූලක් වගෙයි.. එකෙ ගැට බොහෝමයි ,එක ගැටයක් ලෙහල වෙන තැනක ඒ ගැටෙම ගහන එකෙන් වැඩක් නැ… හෙමින්සැරේ ගැටෙන් ගැටේ ලෙහන එක තමයි වැදගත්..

පැතුම් සැඟවුනි……

සඳක් පැතුවෙමි ගගන පෑයු තරු නොගැන
අමාවක ඇවිදින් සඳ වෙලාගෙන

මලක් පතුවෙමි සුවඳ ගැන නොසිතාම
බඹරුන් එ මල රොන් ගෙන ඉගිල ගිහින්

මල් වැස්ස පතුවෙමි අහස දෙස නොබලාම
අනොරාවක් විය පැමිණි සැඩ සුලඟින්

මටත් හිතුනා පොඩ්ඩක් ලියල බලන්න..

මමත්  ඉතින් නිකං ඉන්න වෙලාවට කරන්නෙ බ්ලොග් කියවන එකයි සින්දු අහන එකයි තමයි…  එහෙමත් නැත්නම් පොත් කියවන එක…  ඔය අතරතුරෙදි මට හිතුන මමත් 1ක් ලියල බලන්න ඕනෙ කියලා…. බලමු ඉතින් පොඩි උත්සාහයක් දාලම  🙂