පමාව

hj.jpg

විදුලි කනු පිරුණු පාර පුරා හඬ නගමින් දිවෙන රථ පෙලය. ගෙන්දගම් පොලවෙ තැනුනු මහල් ගොඩ්නැගිල්ලේ දෙවැනි මහලෙ පසෙක පන්ති කාමරයකි. රන්චු ගැහුන කොල්ලන්ගෙ ඇස් දිවෙන්නෙ පන්ති කාමරයේ දොර දෙසටය. පේලි පෙලි ගැහනු ළමයි පන්තිය කරා සෙමෙන් සෙමන් පිය නගති . පේලි පෙලි කිව්වාට එතැන කෙල්ලන් මහ ගොඩක් නැත. හතර පස් දෙනෙකුගෙන් සමන්විත් රන්චුවකි.

“ආ නංගිලා මොකද අද උදෙන්ම?” රන්චුවෙ උන් තඩි කොල්ලෙකුගෙ හඬය. කෙල්ලන් ගෙන් එකියකට මොකක් කිව්වත් උත්තර ඇත. “ඇයි මොකද උබට කියලද අපි එන්න ඔනෙ?”.එකට කැවට බොක්ක වෙනස් යන්න තහවුරු කරන කොල්ලන්ගෙ සිනහ හඬ අතර ප්‍රශ්නය ඇසූ එකා අසරණය.

සිහින් නාසය මත රැඳුන උපැස් යුවල තුලින් බිමට එබුනු දෑසින් යුතුව ලහි ලහියෙ සිය අසුන කරා දිවයන්නිකි. මිතුරු මිතුරුයන්ගෙ මුඛරි බස් කනෙකට නොගෙන සිනමුසු මුහුනින් සියසුනේ හිදින්නියකි.කොලු නඩේ සිටින මුග්දයා නිහඬය.තෙම් සිය උකුස් නෙතු යුග පිරික්සීමට මෙන් සිනාසෙන නිහඬ බලිකාව කෙරෙ යොමාගෙනය.

කාලය ගලා යයි. නෙක ගුරුවරු පැමිනෙති උගන්වති යති.ඔවුන් කුමක් ඉගැනුවත් පන්තියෙ උන් එක පොදියට රැස් වෙමින් උන්ගේ ලොකය තනන්නට වෙර දරති. කෙල්ලො කොල්ලො එකට කති බොති රස්තියදු ගසති.

කෙමෙන කෙමෙන් කාලය ගලා යයි..  වදන් වලින් ඇන කොටාගත් කෙල්ලො කොල්ලො දැන් එකම සෙට් එකක්ය. එකට කති බොති ඇවිදිති. මෙලෙස මිතු දම් වැඩෙද්දී, ඔහු මදින් මද සිහින් නාසය මත රැඳුන උපැස් යුවල තුලින් බිමට එබුනු දෑසින් යුතු මිතුරිය කෙරේ ලං විය.. සිනහවන් වදන් කෙමෙන් කෙමෙන් කෙටි පනිවිඩ දක්වා දිගු විය.. රැනේ අනික් උන් ඇය පෙනවමින් විහිලු කලේ “අන්න උඹේ කෙල්ල එනවා” යැයි කියමිනි.. නමුත් ඈ මිතු දම පවා අහිමි වේ යැයි බියෙන උන්ගේ කතා ඇගෙ සවනත නොවැකෙන්නට වග බලා ගත්තේය.

සමහර විට එසේ සිදු නොවූවානම් මෙය මෙසේ නොලිය වෙන්නට තිබුනි.

ඔහු සිත තුල මදින් මද ඈ පිලිබඬ සිතක් පහල වී තිබුනි.. නමුදු මිතු දමත් අහිමි වේ යැයි බිය වූ තෙමෙ ඒ පිලිබඳ මුනිවත රැක්කේය.
ඈ ද ඔහු සිය සොහොයුරෙකු මෙන සලකමින් සිටියාය.. මෙසේ කාලය ගලා යද්දි ඈ හට ජීවන මග යන්නට සබැඳියෙක් මුන ගැසී ඇතයි රාවයක් පැතිර ගියේය..   මේ සමඟම ඔහු තරමක් ඈ කෙරෙන් ඈත් වූ වගක් දිස් විය. මිතුරන් කල කවට කම් ද කෙමෙන් තුරන් විය.

නමුත් ඔවුනතර වූ මිතු දම වඩාත් දැඩි විය.. දින සති මාස ගෙවෙමින් වසර කිහිපයක් පසු විය.. කලකට පසු ඔවුන් දෙදෙනා පැරණි පන්තිය අසලදී  අනිකුත් යහලුවන් සමඟින් මුන ගැසුනි.

සැප දුක බෙදා ගනිද්දි ඔවුන් අතර කතාව මෙසේ විය. “කොහොමද අය්යේ විස්තර මොනවාද අලුත් තොරතුරු” ඇය ඇසීය. “මොකුත් අලුත් දෙයක් නෑ” සිහින් හඬින් ඔහු පිලිවදන් දෙනු ඇසුනි.

ඉන් පසු ඕ තොමො ඔහුගෙන් විමසූයේ ඔහුගේ ජිවිතයට කෙනෙකුන් එක් වීද නැද්ද යන්නයි. මම ආදරය කල කෙල්ලෙක් හිටියා එත් මම එයට කියන්න කලින් වෙන කෙන්නෙක් එයාට හමුවෙලා යැයි ඔහු මුමුනනු ඇසුනි.
“අය්යේ ඔයාට  එක කලින්ම කිව්ව නම් ඒ ගැනු ලමයා ඔයගෙම තමයි” කියූ ඈ බිමට යොමාගත් දෑසින් යුතුව නික්ම ගියාය.. ඔහු සිදු විය යුත්ත කුමක්දැයි වටහා ගනිද්දී පමාවී බොහෝ කල්ය.

 

 

 

 

 

මතක

DSC_0212-1

සිහින් සුලන් රැල්
වැව් තල සිප දුවමින්
නෙත් කෙවෙනි කෙමෙන් දවමින්
සිත පුරා නැඟෙයි කඳුළැල්

පිපි කුසුම් මතින් පිය මන්
කෙලි කවට සිනා රැඳි මුවගින්
සෙමන් වෙලී ගිය දෑගිල්ලෙන්
මතක ගලයි සිත් අහසින්

යනු මැන ඔබ

DSC_0050

මා මළ පසු ඔබ සිත මා සොයනු ඇති
එනමුත් එය මට නොදැනෙනු ඇතී
එබැවින් මා ජීවය ඇති කල මා නැති බව විඳිනු මැනවී

මා මළ පසු මා හා ගෙවූ කාලය සොයනු ඇතී
එනමුත් එය මට නොදැනෙනු ඇතී
එබැවින් මා ජීවය ඇති කල මා හා කල් යවනු මැනවී

නමුත්  මේ හැම  හැරදමා  ඔබ පිය මනිනු ඇතී
යනු ඔබ එලෙසින් නොබලන ලෙසින් යලී
-ඔබෙන් ලියැවුනකි

 

 

 

රිය සක මෙන් දිවිය ගලයි

 

එහෙන් මෙහෙන් සඳ එබී බලයි
වළා පෙලක් විත් එය මුවා කරයි
සුළඟ හමා ඉන් සඳ මුදා හරියි
රිය සක මෙන් දිවිය ගලයි…………………………………………
images

ඈත ඉම

අඳුරු දුරු මාවතේ
පිය නගන යුරු ගණඳුරේ
විසල් නෙත් යොමා සිටියද
නොමැත වදනක් ගිලිහුනේ

ඈත ඉම දිලෙන් තරු එලියේ
සොයා යන දිවි මාවතෙ
එමට ඇති මුත් කටු කොහොල්
පිය නගයි ජය කනු කෙරේ

qwert

අතීතය……..

ඔහු එදා එය සිදු වේ යැයි දැන නොසිටියා නොවේ. දැන දැන වෙන දේ සිදුවන්නට හැරියාත් නොවේ.. නමුත් එය එසේ සිදුවී හමාරය.. කාලය දින ගනනින් ගෙවී ඇත. අනාගතය දෙස බලා සිටින ඔහු අතීතය ගැන නොතැවෙයි නමුත් ආවර්ජනය කරයි..

වෙරල තීරයෙ සිට ක්ශිතිජ අනන්ත දෙස බලා සිටින දෑසට කෙමන් කෙමෙන් අතීත මතකයන් බිඳෙන් බිඳ පැමිණෙයි..කලක තම හොඳම මිතුරිය, ලබැඳි හිතවතියගේ රුව මදින් මද සිහිපත් වෙයි. මිතුරු දම කාලයත් සමගින් ඉන් ඔබ්බට ගිය සබැඳියාවක් වූ සැටි සිහිපත් වෙයි.. එකිනෙක තදින් පටලුන දෑතක් පාර දිගේ ඉදිරියට ඇදෙයි. හමන මඳ නල ගමන් වෙහෙස නිවාලයි.. හිම කිරමක් දිවගාමින් සිනා සෙමින් මග දෙපස ගල කැබලි ඉදිරියට විසිවෙමින් තව තවත් ඉදිරියට බැඳි දෑත් ගමන් කරයි..ඕ තෙපලන වදන් වලට තෙමේ සිනාසෙයි..  ඇඩුම් හඬින් නෝක්කාඩු කියද්දී හිස අත ගා සනසාලයි..  කාලය දින් සති මාස ගනනින් ගෙවියයි..

පැටලුන දෑත් අභියස තුන්මන්සලකි.. අනෙක් පස ඇ සිත කලෙක සිතුවම් වූ තවත් දෑතකි.. මෙතෙක් තදින් ඔහු අත අල්ලා සිටි ඇගේ අත ලිහිල් වෙයි..  ආමග යම්දෝ අලුත දුටු අමුත්තාගෙ මග යම්දො ඇගේ සිත පෙරලි කරයි.. සිත් පෙරලි කරද්දී තව තවත් ඈ අත ලිහිල් වනු ඔහුට දැනේ..  බැඳුනු බැමි ලිහිල් වූ කල යලිදු පෙර ලෙස ඇති නොවනු ඇත. එය දැනුනු ඔහු ඈ සිහින මැවූ දෑත වැලඳ ගන්නට ඉඩහැර සිය මග ඉදිරියට ඇදෙයි.ඕ තොමො අමුත්තා අත වෙලී අලුත් මග යන්නීය. නමුත් ඕ වරින් වර පැරණි හිතවතා ගිය මග දෙසට දෑස් මානයි.. නමුත් ඒ දෑත සිය මගෙහි නැවත නොනැවතෙන ලෙස ඇදීගොසින්ය..

 

ස්වෙත වර්ණ වෙරල සිප ගන්නා රළ බිඳී පෙණ පිඬු විසිරි සිය මුව සිප ගනින්නා කල තෙමෙ හිනැහෙමින් අතීත සිහිනයෙන් අවදි වෙයි..

අතීතය ලබාදුන් පාඩමින් පන්නරය ලබමින් හිනැහෙමින් සිය මගේ ඉදිරියටම ඇදෙයි..

Image 

වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටීම නොහොත් හිස පාත් කල විට ඔලුවට අත සේදීම..

 

“ලොකය ගෝලාකාරය මිනිසුන් විවිධාකාරය” යන්න නෙක දනන්ගෙ මුඅග රැඳෙනා ප්‍රකට වදන් පෙලකි.. එයින් කියවෙන්නා සේම නොයෙක් අකාරයේ පුද්ගලයන් අපට නොයෙකුත් අවස්ථාවලදී හමුවේ..

එසේ සමුවන්නො සියල්ලන්ම අප නැයෝ නොවෙති, නොනෑයොද නොවෙති, මිතුරෝ නොවෙති නමුදු නොමිතුරොද නොවෙති.කෙනෙකුගේ මිත්‍රත්වය වනාහී පුරොකථනය කල හැක්කක් නම් මිතුරන් යැයි සිතා සිටින්නන් එසෙ සැලකුම් ලබන්නන්ගෙ  බහුතරයක්  නිකන්ම නිකමුන් වනුඇත..

යමෙක් මිතුරෙකු ලෙස සැලකුම් ලබන්නෙ අනෙකා තුල තෙමේ වෙත ඇතු සැලකිල්ල නිසවෙනි.. උදව් කරන්නෙ මිත්‍රත්වය නිසාවෙනි.. ලග වැටී සිටින්නේ යන්න තැනක් නැති නිසාවෙන් නොව මිතු දම නිසවෙනි.. බුද්ධිහීනයන් එය පසක් කරගනිද්දී අශ්වයන් පලාගොස් හමාරය.. තව දුරටත් ඉස්තාලය වැසීමට තැත් කිරීම නිශ්පල ව්‍යයමයක් වනු ඇත..

                                                      Image